ගෝඨාභය එන්න කලින් ආණ්ඩුවේ පිරිසක් ගේමකට සැරසෙයි..ප්‍රභලයින් රැසක් හදිසි සාකච්ඡාවක.

Sri Lanka Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe Maithreepala sirisena
By Aruna Sep 22, 2021 02:53 AM GMT
Aruna

Aruna

Report

ගෝඨාභය එන්න කලින් ආණ්ඩුවේ පිරිසක් මහින්දගෙන් ඉල්ලීමක් කරන්න යයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ හදිසි සාකච්ඡාවක් අද (22 වැනිදා) පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇත.

රටේ වර්තමානයේ මතුව ඇති ගැටලු සහ යුගදනව් බලාගාරය ඇමරිකා සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී කෙලවරපිටිය බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක නායකයන් සිය විරුද්ධත්වය අගමැතිවරයාට පළ කිරීමට ද සූදානමින් සිටිති.

මේ සම්බන්ධව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නායකයින් ඇතුළු දේශපාලනඥයින් පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, නිල නිවසට ඊයේ(21) සවස රැස්වී සාකච්ඡාවක් පවත්වා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ඇමති වාසුදේව නානයක්කාර , රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජයන්ත සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ ,කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නිවසට රැස්ව සිට ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශ සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසුවද පක්ෂ නායකයන් බලාගාරය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තුව ඇත..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now