සිසු ගැටුමක් උත්සන්න වී සිසුවෙක් තියුණු ආයුධයකින් තවත් පස්දෙනෙකුට පහර දෙයි - සිසුන් 5ක් රෝහලට

Report

එප්පාවල නගරයේ පිහිටි රජයේ ප්‍රධාන පාසලක් තුළදී සිසුවෙකු විසින් තියුණු ආයුධයකින් තවත් පස්දෙනෙකුට පහරදී තිබේ .

තුවාල ලැබූ සිසුන් පස්දෙනා මේ වනවිට එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ තුවාල ලබා ඇත්තේ, එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන උසස් පෙළ තාක්ෂණ අංශයේ සිසුන් 05 දෙනෙකි.

එප්පාවල නගරයේ පිහිටි රජයේ ප්‍රධාන පාසලක් තුළදී සිසුවෙකු විසින් තියුණු ආයුධයකින් තවත් පස්දෙනෙකුට පහරදී තිබේ.

පාඨලී සැරවෙයි - ගල් අඟුරු විමර්ශන කොමිසම හමුවට නොපැමිණෙන බව කියයි

පාඨලී සැරවෙයි - ගල් අඟුරු විමර්ශන කොමිසම හමුවට නොපැමිණෙන බව කියයි

තුවාල ලැබූ සිසුන් පස්දෙනා මේ වනවිට එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ, එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන උසස් පෙළ තාක්ෂණ අංශයේ සිසුන් 05 දෙනෙකි.

පොලීසිය සදහන් කළේ පිහි ඇණුම සිදුකර ඇත්තේද එම පාසලේම 12 වැනි ශ්‍රේණියේ විද්‍යා අංශයේ සිසුවෙකු බවයි .

මීට දින කිහිපයකට ඉහතදී මෙම පිහිඇණුම කළ සිසුවා හා පිහි ඇණුමෙන් තුවාල ලැබූ සිසුවෙකු අතර ගැටුමක් සිදු වී ඇති අතර, ඊට පළිගැනීමක් ලෙස අද (13) උදෑසන මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ගැටුමක් ඇතිකර ගෙන තිබුණි.

තියුණු ආයුධයකින් එක් සිසුවෙකුට පහරදීමත් සමඟ එය වැළැක්වීමට ගිය තවත් සිසුන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පාසල තුළට තියුණු ආයුධයක් රැගෙනවිත් සිසුන් 05 දෙනෙකුට තුවාල සිදු කළ සිසුවා එප්පාවල පොලීසිය මඟින් අදාළ තියුණු ආයුධයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

 ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආංචි මාර්ග සදහන් කර තිබේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසීය පරීක්ෂණ සිදුකරයි.