රටම කතා කළ කපිලගේ මරණය - ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා අවස්ථා ගණනාවකදීම ග්‍රාම නිලධාරී සහතික ලබාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශ කර ඇත.
කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ, මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ එක් සැකකරුවකු ග්‍රාම නිලධාරී සහතික 10ක් ද තවත් සැකකරුවකු ග්‍රාම නිලධාරී සහතික 07ක් ද ලබාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවයි.
පදිංචිය තහවුරු කර එම ග්‍රාම නිලධාරී සහතික අදාළ සැකකරුවන් විසින් ලබා ගෙන තිබෙන බවත් පොලීසිය සඳහන් කර ඇත.