අපරාධකරුවකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය පතයි..මොහු ගැන තොරතුරක් දන්නේ නම් වහාම මෙම දුරකථන අංක වලට දැනුම්දෙන්න(CCTV VIDEO)

By Sewvandhi Dec 07, 2021 11:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෝටර් රථයක් පැහැරගැනීම සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ. ඒ අනුව ඉහත රූපයේ දැක්වෙන පුද්ගලයා පිළිබඳව තොරතුරක් වෙතොත් 071-8591418 හෝ 035-2247622 යන දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසට නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ඉල්ලා ඇත.

අදාළ සැකකරු විසින් මාවනැල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 42ක් පමණ වටිනා වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් ජංගම දුරකථන 4ක් සොරකම් කර පළාගොස් ඇතිබව වාර්තා වෙයි. සැකකරු දුරකථන ඇමතුමකින් කුලී රථය වෙන්කරගෙන කටුනායක අධිවේගී මාර්ගය අසලින් පසුගිය 30 වනදා මහනුවර ප්‍රදේශයට ගොස් තිබේ.

අනතුරුව සැකකරු විසින් කුලී රථ රියදුරාට අවස්ථා දෙකකදී තේ පැන් සහ ආහාර ද්‍රව්‍ය ලබා දී ඇති බව වාර්තා වෙයි. පසුව මහනුවර සිට නැවත කොළඹ බලා පැමිණීමේදී රියදුරාට වමනය හා මත් ගතිය ඇතිවීම හේතුවෙන් සැකකරු විසින් රථය පදවාගෙන යාමට ඉල්ලගෙන ඇත.

එම අවස්ථාවේදී සැකකරු විසින් මාවනැල්ල නගරය පසුකර වලකඩයාය ප්‍රදේශයේදී ලැගුම්හලක රියදුරා නවතා මෝටර් රථය සහ ජංගම දුරකථන 4ක් රැගෙන පළාගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව පහත දැක්වෙන CCTV දර්ශන හා ඡායාරූපවල සිටින සැකකරු පිළිබඳව තොරතුරක් වෙතොත් කඩිනමින් දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම කුලී රථ රියදුරන් ලෙස සේවයේ නිරත වීමේදී නොදන්නා පුද්ගලයන් සමඟ අනවශ්‍ය ලෙස කුළුපග වීම සිදු නොකරන ලෙස පොලිසිය මහජනතාව වෙත වැඩිදුරටත් දැනුම්දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW