ආයේ කොළඹ ගෙවල් ඇතුළේ මේ සෙල්ලම් බෑ - පොලීසිය දැඩි වෙයි - විශේෂ වැඩපිළිවෙළක්
කොළඹ නගරය අවට පිහිටා තිබෙන මහල් නිවාස සංකීරණ 24ක් ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත් විය.
ඒ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය යටතේයි. එසේම එහිදී නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙම මහල් නිවාස තුළ ජීවත්වන ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂා කරමින් මහල් නිවාස ආශ්‍රිතව නීතිය හා සාමය රැකගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල සැලසුම් කර ඇති බව සඳහන්.
එමෙන්ම සාකච්ඡාව සඳහා සහභාගී වූ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු දමිත් දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනා සහ ඉල්ලීම් අනුව ආරක්ෂක විධි විධාන යෙදවීමට අවට පොලිස් ස්ථාන වෙත නියෝග හා උපදෙස් ලබාදීමද සිදු කර ඇති බව පවසයි.
ඊට අමතරව ඇතැම් මහල් නිවාස ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම නිසා මහල් නිවාස සංකීරණ ආශ්‍රිතව පොදු දේපළවලට හානි සිදුකිරීම් වාර්තා වන බැවින් පොලිස් මුරපළ ස්ථාපිත කිරීම, නිරන්තරයෙන් පොලිස් මුර සංචාර යෙදවීම වැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට මෙන්ම යම් පොදු දේපළ අපරාධයකදී පොදු දේපළ සම්බන්ධයෙන් ගැනෙන වැරදි යටතේ දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙහි දී එකඟත්වය පළ වී ඇත.
තවද පවත්වාගෙන යනු ලබන පොලිස් මුරපොළවල් අළුත්වැඩියා කර ලබාගැනීමට මෙන්ම නව මුරපොළවල් ස්ථාපිත කළ යුතු ස්ථාන පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එකඟතාවයන්ට එළඹී ඇති බව වාර්තා වේ.
අනිද්දයින් පස්සේ ඉන්ධන බෙදීම නවතී ද? මිල සූත්‍රය අධ්‍යයනය කර දැනුම් දෙන්න තෙල් බෙදුම්කරුවන් අනිද්දා තෙක් කල් ගනියි
එසේම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකා පොලිසියට මෙම සියලු කටයුතු සම්බන්ධව ලබාදෙන පූර්ණ සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළකර ඇති අතර මහල් නිවාස ආශ්‍රිතව නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ මෙවන් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අවකාශය සැලසීම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු දමිත් දිසානායක මහතාට සිය ස්තූතිය පළ කර තිබෙනවා.