ජනවාරියේදී "පොලිස් ආඥා පනතට" හා "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට" සිදු වන දේ.

Sri Lanka Police Government Of Sri Lanka Sri Lanka Prevention of Terrorism Act
By Wayomi Dec 24, 2022 06:04 AM GMT
Wayomi

Wayomi

Report

"පොලිස් ආඥා පනත" හා "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත" සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පනත් වර්තමානයට ගැළපෙන පරිදි සකස් කිරීම එහි අරමුණයි.

මීට අදාළ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා ඇති බව සඳහන්.

පොලිස් ආඥා පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ද කැමැත්ත හිමිව ඇති අතර ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගෙන් යුත් කමිටු තුනක් පිහිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කර ඒ වෙනුවට ‘ජාතික ආරක්ෂක පනත’ නමින් නව පනතක් ගෙන ඒමටද සූදානම්.

ඒ අනුව ඊට, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ හා ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස යන අයගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ඇතුළත් වාර්තාව ලබන ජනවාරි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට ද අධිකරණ අමාත්‍යාංශය සූදානමින් සිටිනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW