පොලිස් මාර්ග බාධකය ඇතුළේ සූර් වෙන්න සාදයක් පැවැත් වූ පොලිස් සැරයන් අත්අඩංගුවට
ගල්කිස්ස මූලස්ථාන පොලීසිය අනාවරණය කරන පරිදි,පොලිස් සැරයන්වරයෙකු මාර්ග බාධකයක් තුළ මත්පැන් සාදයක් පවත්වා ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 55 ක, කඩුවෙල ප්රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.
එහිදී එක් සිවිල් ආරක්ෂක භටයෙකු සහ තවත් පුද්ගලයෙකුද සම්බන්ධ වූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ (29) රාත්රී ගල්කිස්ස විජය පාර බෝ ගස අසල මාර්ග බාධක රාජකාරී කරමින් සිටියදී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් මාර්ග බාධක නිලධාරීන් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් සැරයන්වරයා සහ සිවිල් ආරක්ෂක බටයා හා තවත් සිවිල් පුද්ගලයෙකු මාර්ග බාධක කුටිය තුළ සිටින අයුරු නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
උප පොලිස් පරීක්ෂකවරයා යතුරු යතුරුපැදියෙන් බැස මාර්ග බාධක කුටිය තුළට ගිය අවස්ථාවේදී රාජකාරී යෙදී සිටි නිලධාරීන් එම ස්ථානයේ සිටින පිටස්තර පුද්ගලයා සමග මත් පැන් පානය කරන බවට දර්ශනය වී ඇති අතර එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා ජංගම දුරකථනයෙන් එම ස්ථානයේ දර්ශන ලබාගෙන ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.