ආයේ ලෝක බැංකුවෙන් මේවා නොමිලේ දෙන්නේ නෑ.. ලංකාව තවත් ලෝක අමාරුවක

Report

ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාව ‘ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක්’ වශයෙන් යළි වර්ගීකරණය කිරීම නිසා, මෙතෙක් මෙරටට සහන මිලට හෝ නොමිලේ ලැබුණු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වේ.

එබැවින් ලබන වසරේ සිට මෙරට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා වැය වන පිරිවැයෙන් කොටසක් දැරීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇති බව සඳහන්.

මේ අතර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ 2028 වසර වන විට සමස්ත ප්‍රතිශක්තිකරණ පිරිවැය සම්පූර්ණයෙන්ම මෙරට රජය විසින් දැරීමට සිදු වනු ඇති බවයි.

‘ගැවී’ (Gavi) එන්නත් සන්ධිස්ථානය ලෙස හඳුන්වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සහ ලෝක බැංකුව වැනි ආයතන ඒකාබද්ධව අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ලබා දීමට පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර හවුල්කාරිත්වයකි.

ජන රැලියෙදි කියපු කතාවට ජනපතිට වටෙන්ම මඩ - දේශපාලනය රත් කරපු ජනපතිගේ ප්‍රකාශය හඳුන්නෙත්ති පැහැදිලි කරයි

ජන රැලියෙදි කියපු කතාවට ජනපතිට වටෙන්ම මඩ - දේශපාලනය රත් කරපු ජනපතිගේ ප්‍රකාශය හඳුන්නෙත්ති පැහැදිලි කරයි

එහිදී සාමාන්‍යයෙන් ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2,300ට වඩා අඩු රටවල්වලට පමණක් මෙම සහන හිමි වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව එම සීමාව ඉක්මවා යාම හේතුවෙන් මෙම සහන අහිමි වීමේ තත්ත්වයක් උදා වී ඇත.

එමෙන්ම මීට පෙර 2019 වසරේදී ද ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් වශයෙන් නම් කළ අවස්ථාවේ මෙම සහන අහිමි වුවද, පසුව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ විශේෂ වැඩසටහන් යටතේ යළි සහන ලබා දීමට ‘ගැවී’ සංවිධානය කටයුතු ක‍ර ඇත.

හෙපටයිටිස් බී, පෙන්ටාවැලන්ට්, පෝලියෝ සහ මානව පැපිලෝමා වෛරසයට (HPV) එරෙහි එන්නත් ඇතුළු අත්‍යවශ්‍ය එන්නත් රැසක් සඳහා මේ වන තෙක් මෙම සහාය හිමි වී ඇත.

මෙහෙම ගියොත් වතුර නැතුව මැරෙන්න තමයි වෙන්නේ.. ලංකාවටම වෙන්න යන මහ ව්‍යසනයක් ගැන රතු එළියක්

මෙහෙම ගියොත් වතුර නැතුව මැරෙන්න තමයි වෙන්නේ.. ලංකාවටම වෙන්න යන මහ ව්‍යසනයක් ගැන රතු එළියක්

කෙසේ වුවද එන්නත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කඩිනම් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ නව හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට ද රජය අපේක්ෂා කරන බව අඳාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන බව සඳහන්.  

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්