අම්පිටියේ සුමනරතන හිමියන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි
මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ලබන 11 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව උන්වහන්සේ ඊයේ (07) අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උන්වහන්සේ, නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.