ශ්‍රී ලංකා පොලිසිය ගැන මෙවැනි සටහන් සමාජ මාධ්‍යයේ පළ කරන අය සොයා විමර්ශනයක්
මහා ජනතාව තුළ පොලිසිය කෙරෙහි වෛරය සහ අප්‍රසාදය ඇතිවන ආකාරයට ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට හානි කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය ලිඛිත සටහන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා ඇත.
ඒ අනුව නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ පොලිස් මූලස්ථානය විසින් කරන ලද පැමිණිල්ලකට අඳාළව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට හානියක් වන අයුරින් සහ මහජනතාව තුළ පොලිසි ස්ථානය කෙරෙහි වෛරය සහ අප්‍රසාදය ඇතිවන අයුරින් සමාජ මාධ්‍ය තුළ ලිඛිත සටහන් සංසරණය වෙමින් පවතින බවයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අධිකරණයට කරුණු වර්තා කරන මෙන් නියෝග කර තිබෙන බව සඳහන්.