ඩොලර් අර්බුදය පොලිස් අශ්වයන්ටත් බලපෑව හැටි..

Police spokesman Sri Lanka Police
By Sithumi Feb 11, 2023 02:36 PM GMT
Sithumi

Sithumi

Report

ඩොලර් අර්බුදය හේතුවෙන් පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව එම කොට්ඨාසය පවසනවා. පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවලින් මෙම අශ්වයින්ට ලබාදෙන ආහාර ආනයනය කිරීම අපහසු වීමත් සමගයි දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය විසින් ආරම්භ කර තිබෙන්නේ.

පසුගිය මාස තුනක කාලයේදී අශ්වයින්ට කොල්ලු, කඩල, මුං ඇට සහ බඩඉරිගු වැනි දේශීය ආහාර ලබාදීමට පියවර ගෙන තිබුණු අතරඒ අනුව මේ වන විට මෙම අශ්වයින්ගේ බර ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහන් කළේ. 

විදෙස් රටවලින් ආනයනය කරන ආහාර වර්ග නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලසීමව තුළ මෙම අශ්වයින්ගේ බර ක්‍රමයෙන් අඩුවී තිබූ අතර ඔවුන් කෘෂ වීමට පටන් ගත් බවයි අශ්වාරෝහක කොට්ඨාසය සඳහන් කළේ.