පාසල්වලට ආයේ මේ දේවල් කිසිසේත් ගේන්න බෑ - අලුත් නීතියක් සමඟ අලුත් වැඩක්
මේ වන විට දිවයින පුරාම මත් උවදුර තුරන් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් පිළිබඳව විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.
එහිදී යම්කිසි පාසලකට මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් හා පරීක්‍ෂණ කිරීමේ කටයුතු සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය අවශ්‍ය වන්නේ නම් අදාළ පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලිසියෙන් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සමග සම්බන්ධ වී අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන " රටම එකට " ජාතික මෙහෙවර යටතේ මෙම මෙහෙයුම් සිදු කෙරෙයි.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සෘජු දායකත්වයක් දක්වන අතර පාසල් ළමුන් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම මුලින් උපුටා දැමීම සඳහා සෑම අයුරින්ම පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇතැයි මාධ්‍ය කොට්ඨාසය කියයි.
අධ්‍යක්ෂ පොලිස් නිල සුනඛ කොට්ඨාසය-071-8591816, 081-2233429 දුරකතන අංක වලින් විමසා පාසල් වලට අදාල සහයන් ලබාගත හැකි බවද මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
පසුගියදා පාසල් විදුහල්පතිවරයෙකු සතුව තිබූ මත් ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමත් සමගම වැඩි වශයෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇති අතර එම විදුහල්පතිවරයාගේ වැඩද තහනමට ලක් කෙරුණි.