පුම්බන්න බැලුන් නැතුව පොලිසිය අව්ලෙන්..

Report

බීමත් රියැදුරන් පරීක්ෂා කරන නළ පොලිස් ස්ථානවල නොමැති වීමෙන් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම ගැටලුකාරි තත්ත්වයකට ලක්ව ඇත.

මේ වනවිට කිසිදු පොලිස් ස්ථානයක එකදු පරීක්ෂණ නළයක් හෝ නොමැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

වැව් පිට්ටනියෙන් එන පුළුටු ගද මොකක්ද කියලා හොයලා බැලුවම දකින්න ලැබුන බිහිසුණු දේ..

වැව් පිට්ටනියෙන් එන පුළුටු ගද මොකක්ද කියලා හොයලා බැලුවම දකින්න ලැබුන බිහිසුණු දේ..

මෙරට පොලිස් ස්ථාන සඳහා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට යොදා ගන්නා පරීක්ෂණ කට්ටල නොමැති වීම මත බීමත්ව රිය පදවා හසුවන රියැදුරන් වෛද්‍යවරයෙකු හමුවට යොමුකොට බීමත් බව තහවුරු කරගැනීමට සිදුව ඇත.

මේ හේතුවෙන් බීමත් රියැදුරන් පරීක්ෂා කිරීම් දැඩිව සීමා කිරීමට ස්වයං ක්‍රියාමාර්ගයක් පොලිස් ස්ථාන මගින් ගෙන ඇති අතර ඇතැම් ප්‍රදේශවල රෝහල් කිලෝමීටර් ගණනාවක් ඈතින් පිහිටා තිබීම ඊට හේතු වී ඇත.

බීමත් රියැදුරන් පරීක්ෂා කරන ශ්වසන පරීක්ෂණ නළ 15000 ක් මිලදී ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අනුව සිදු කළ අතර ඒ සඳහා පුද්ගලික අංශයේ සැපයුම්කරුවෙකු තෝරාගෙන තිබිණි.

ඔයත් මෙන්න මේ කියන ප්‍රදේශ වලද බලන්න.. ජල සැපයුම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

ඔයත් මෙන්න මේ කියන ප්‍රදේශ වලද බලන්න.. ජල සැපයුම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

ඒ අනුව ප්‍රංශයෙන් ආනයනය කළ ශ්වසන පරීක්ෂණ කට්ටල නළ 1970 ක් පළමු කොටස ලෙස ලබාගත් අතර එහි ගුණාත්මක භාවයේද කිසිදු ගැටලුවක් නොවීම මත පොලිස් ස්ථාන වෙත බෙදාහැරීමට පියවර ගෙන තිබිණි.

එම කට්ටලවල දෙවන කොටස ලෙස මිලදී ගත් ශ්වසන කට්ටල 14803 හි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේදී ඒවායෙන් පිඹීමේදි වායු පිටවන බව හෙළිවී තිබිණි. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ද ඒ බව තහවුරු කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

දෙවන වරටත් රජයේ රස පරක්ෂක දෙපාර්තමේන්තුව කළ පරීක්ෂා කිරීම්වලදී පෙර පරිදිම ඒවායෙහි ගුණාත්මකභාවයේ ගැටලුවක් පෙන්නුම් කර තිබිණි.

සරසවි සිසුවියක් දූෂණය වීමේ සිදුවීම නිසා දැඩි නොසන්සුන්තාවක්..වහාම විශ්වවිද්‍යාල වසා දැමීමට පියවර

සරසවි සිසුවියක් දූෂණය වීමේ සිදුවීම නිසා දැඩි නොසන්සුන්තාවක්..වහාම විශ්වවිද්‍යාල වසා දැමීමට පියවර

මේ අනුව පළමුව ඇනවුම් කළ ශ්වසන පරීක්ෂණ කට්ටල 1970 සඳහා පමණක් ගෙවීම් කටයුතු කිරීමටත් ගුණාත්මකභාවයක් නොමැති කට්ටල සියල්ලම ගෙවීම් නොකොට ප්‍රතික්ෂේප කිරීමටත් පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුකර ගුණාත්මකභාවයෙන් යුත් ශ්වසන පරීක්ෂණ නළ කට්ටල ගෙන්වීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.