සරසවි සිසුවියක් දූෂණය වීමේ සිදුවීම නිසා දැඩි නොසන්සුන්තාවක්..වහාම විශ්වවිද්‍යාල වසා දැමීමට පියවර

Sexual harassment Pakistan Crime World
By Piyumika Oct 21, 2024 04:23 PM GMT
Piyumika

Piyumika

Report

පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවියක් දූෂණයට ලක් කිරීමත් සමග එරට සරසවි සිසුන් විශාල ගණනක් වීදිවල දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබෙනවා.

රොයිටර් මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම සිදුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර නොමැති වුව ද; ස්ත්‍රී දූෂණයකට එරෙහිව සරසවි සිසුන් විරෝධතා ආරම්භ කර ඇති බවත්; එම ප්‍රාන්තයේ පාසලක් ගිනිබත් කර ඇති බවයි.

ජොන්ස්ටන් අල්ලන්න මහා මෙහෙයුමක්.. අද අධිකරණය ඉදිරිපිට සිද්ධ වුනු අමුතුම සිදුවීම..

ජොන්ස්ටන් අල්ලන්න මහා මෙහෙයුමක්.. අද අධිකරණය ඉදිරිපිට සිද්ධ වුනු අමුතුම සිදුවීම..

ලාහෝර් නගරයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි සිසුවියකව ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාව එහි ආරක්ෂක නිලධාරියෙකුට එල්ල වී තිබෙනවා.

සරසවි සිසුන් චෝදනා කරන්නේ වහාම රජය විසින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙම සිදුවීමත් සමග පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් හි සියලුම පාසල්, විශ්වවිද්‍යාල වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.

අනේ වනිඳුට සිද්ධ වුනු දෙයක්..

අනේ වනිඳුට සිද්ධ වුනු දෙයක්..

විරෝධතාවයේ නිරත සිසුන් සිය ගණනක් රජයෙන් මෙම අනීතික ක්‍රියාවට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් නිලධාරීන් පවසන්නේ එවැනි සිදුවීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් තවමත් සොයාගෙන නොමැති බවයි.

සමහරු එම සිදුවීම ව්‍යාජ ප්‍රවෘත්තියක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය වෙත ද චෝදනා කර ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ.

දැන් ඉතින් ඉතාලි යන්න වෙන්නෙත් බෝට්ටුවෙන් තමා..

දැන් ඉතින් ඉතාලි යන්න වෙන්නෙත් බෝට්ටුවෙන් තමා..

දින හතරක සිට දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාත්මක වීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් ගැටීමෙන් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බවට ද වාර්තා වනවා.

මෙම ශිෂ්‍ය විරෝධතා සරසවි ගණනාවක පැතිර ගොස් ඇති බවත් ඇතැම් ශිෂ්‍යයින් පොලිස් අත්අඩංගුවට ද පත් ව තිබෙනවා.