පොලිස් වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් ලාංකිකයන්ට හා විදේශිකයන්ට විශේෂ දැනුම්දීමක්
පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය අනුව, දේශීය හා විදේශීය පුරවැසියන්ගේ විවිධ අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා පොලීසියෙන් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමේ ක්‍රියාවලිය නිරන්තරයෙන් විමසීම් කරනු ලබන බව පැවසෙයි.
එම නිසාම ඒ සඳහා අයදුම්කරුවන්ට අන්තර්ජාලය ඔස්සේ www.police.lk වෙබ් අඩවියට පිවිස, E-service යොමුව තෝරා Clearance Certificates සෙක්ෂන් යටතේ අදාළ අයදුම්පත සම්පූර්ණ කර ඉල්ලුම් කළ හැකි බව සඳහන් වේ.
එමෙන්ම විදේශගතව සිටින පුරවැසියෙකුට පොලිස් නිෂ්කාශන වාර්තාව ලබා ගැනීමට රුපියල් 5,100 ගෙවිය යුතු අතර, මුදල් ලදුපත ලැබීමෙන් පසු දින 14ක් ඇතුළත තම වාර්තාව ලබා ගැනීමට හැකියාව ඇත.
මෙම ක්‍රමවේදය මඟින් පොලිසිය අයදුම්කරුවන්ට පහසු, වේගවත් සහ ස්ථායි සේවාවක් සැපයීමට කටයුතු කරන බව නිවේදනයේ සඳහන් කර තිබේ.