තරුණියකට පහරදී සාපරාධී ලෙස බිය ගැන්වූ පොලිස් කොස්තාපල්වරයෙකුට සිදු වූ දේ.

Sri Lanka Police Sri Lanka
By Wayomi Jul 03, 2023 10:39 AM GMT
Wayomi

Wayomi

Report

 පදිංචි තරුණියකගෙ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී , ඇයට අතින් පයින් පහර දී තුවාල සිදු කර, සාපරාධී බිය ගැන්වීමක් සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු ගැන පුවතක් වාර්තා වෙනවා.

ඒ, මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, තණමල්විල රණවරාව ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ පෙම්වතිය බව කියන තරුණියක්.

කෙසේ වෙතත් අදාල පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති අතර ඔහු කිලිනොච්චිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.

පසුගිය 1 වෙනිදා මෙම සිද්ධිය සිදුව ඇති අතර කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඊයේ (2) සැකකාර කොස්තාපල් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත.