ප්‍රධාන පොලිසියකට ගල් මුල් ප්‍රහාරයක්..පුද්ගලයෙකු මිය යයි..දැඩි විරෝධයක්.
Police
Parliament
Embilipitiya
Picketing
Panamure
By Aruna
ඇඹිලිපිටිය - පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට (17) එම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, විරෝධතාවයේ නිරත වන පිරිස් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කළ බවයි.
ඔවුන්ගේ මෙම විරෝධතාවය හේතුවෙන් කොළොන්න - ඇඹිලිපිටිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මෙම පුද්ගලයා ඊයේ (16) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ තමන්ට සහ දරුවාට පහරදෙන බවට මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.
කෙසේ වෙතත් ඔහු අද (17) අලුයම සිරමැදිරිය තුළ ගෙල වැළලාගෙන මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළා.
එහෙත් විරෝධතාවයට එක්ව සිටින පිරිස් චෝදනා කළේ පොලීසිය මෙම පුද්ගලයාට පහර දී ඝාතනය කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
