පොලිස් තරුණිය නාන හැටි හොරෙන් වීඩියෝ කළ පොලිස් තරුණයා මාට්ටු වෙයි..

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Aruna Feb 17, 2023 12:35 AM GMT
Aruna

Aruna

Report

ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කාන්තා භට නිවසේ නාන කාමරේ ඇඟ සෝදද්දී ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්තාපල්වරිය නානකාමරයට ගොස් ඇඟ සෝදමින් සිටින අවස්ථාවේ මෙම සැකකාර කොස්තාපල්වරයා හොර රහසේ ජංගම දුරකතනයකින් වීඩියෝ කරන ආකාරය දැක ඒ බව පොලිස් ස්ථානයට පැමිණිලි කරනු ලැබ තිබේ.

පොලිස් කොස්තාපල්වරියගේ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඔහු සතුව තිබූ ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත.

පොලිස් බාරයට ගත් එම ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් කොස්තාපල්වරිය ඇඟ පොත සෝදන ආකාරය දැක්වෙන වීඩියෝ තුනක් එම දුරකථනයේ තිබෙන බව දැක ගැනීමට ලැබීමෙන් පසු කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන චෝදනාව යටතේ කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රධාන පුවත්පතකට පවසා තිබේ.

මේ හේතුවෙන් සැකකාර පොලිස් කොස්තාපල් වරයාගේ වැඩ ද තහනම් කරනු ලැබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now