නැන්දම්මාගේ රන් මාලය සොරකම් කළ ලේලිය මාට්ටු වෙයි.

Sri Lanka Police Sri Lanka
By krishani Aug 09, 2023 03:42 PM GMT
krishani

krishani

Report

සිය නැන්දම්මාගේ රන් මාලය සොරාගත් ලේලියක අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විවාහ උත්සවය සිදු කිරීමට ණයට ලබා ගත් මුදල් ගෙවීමට බව වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි තොටකනන්ත ,හබුරුගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.

පොලිසිය සඳහන් කළේ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා මෙම රන්මාලය ලේලිය විසින් බැංකුවක උගස් කර තිබිය දී සොයාගත් බවයි.

කෙසේ වෙතත්, විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ  උගස් කර ලබා ගත් මුදලින් විවාහ උත්සවය සඳහා ණයට ගත් මුදල් ගෙවා ඇති බවයි.

ReeCha