හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගය අවහිරයි - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Report

හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇත.

පවතින අධික වර්ෂාපතනයත් සමඟ අද (27) දහවල් මෙම මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බව වාර්තා වේ.

"අපිව අත අරින්න එපා, ආදරය දෙන්න" – විපක්ෂ නායකට දුක හිතයි

"අපිව අත අරින්න එපා, ආදරය දෙන්න" – විපක්ෂ නායකට දුක හිතයි

නුවරඑළිය අපදා කළමනාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, පවතින වර්ෂාවත් සමඟ මෙම මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදී පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින්, රථවාහන ධාවනයේදී අවධානයෙන් හා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි.

අපදා කළමනාකරණ ඒකකය පවසන්නේ, මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එතෙක් මෙම මාර්ගය භාවිතා කිරීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත්ය.

හෙළයේ ගීත කෝකිලාවිය නන්දා මාලනියට තෙරුවන් සරණයි..!

හෙළයේ ගීත කෝකිලාවිය නන්දා මාලනියට තෙරුවන් සරණයි..!

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි