දිවයින පුරා මධ්‍යස්ථාන 2000ක් සෞඛ්‍යයේ විශාල පෙරළියක්

National Health Service Nalinda Jayatissa Sinhala news Breaking News
By Kaushi Jul 27, 2025 02:15 PM GMT
Kaushi

Kaushi

Report

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ආසන්න ලෙස 10,000 ක් ආවරණය වන පරිදි එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ආමාත්‍යංශය මඟින් මුල් අදියර යටතේ ඉදිරි වසර 03 තුළ රට පුරා මධ්‍යස්ථාන 2000 ක් ස්ථාපිත කිරිමට නියමිත බව පවසා ඇත.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ එම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් මෙම වසරේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 100 ක් පිහිටුවීමටයි.

එසේම මෙම මධ්‍යස්ථානවල 08 දෙනෙකුගේ යුත් කාර්ය මණ්ඩලයක් ඉදිරියේ දී සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බව පවසයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

ශ්‍රී ලංකාවේ ජනතාවට වර්තමානයේ දී සපයනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් වශයෙන් ඉදිරියේ දී ලබාදීම ප්‍රමුඛ අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මුළු ‍රටම ආවරණය වන ලෙස පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Centre) ව්‍යාපෘතිය සම්බන්ධව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers - PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (26) දින ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවණාගාරයේ දී පවත්වා ඇත.

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දැක්වූ ආමාත්‍යවරයා මෙම වැඩසටහන වර්තමානයේ මෙරට සෞඛ්‍ය සේවාව ඔසවා තැබීමට අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක් බව කියා ඇත. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

දිවයින පුරා මධ්‍යස්ථාන 2000ක් සෞඛ්‍යයේ විශාල පෙරළියක් | 2000 Centers Islandwide Upcoming Health Revolution

ReeCha