ආණ්ඩුවෙන් ව්‍යවස්ථා සභාවේ බහුතරයත් අල්ලන්න කුරුමානමක්

Parliament of Sri Lanka Sri Lanka Politician Sinhala news Breaking News NPP Government
By Kaushi Jul 27, 2025 01:18 PM GMT
Kaushi

Kaushi

Report

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒම පිළිබඳව ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආරංචි මාර්ග පවසන්නේ ආණ්ඩුකරණය පිළිබඳව ප්‍රායෝගිකව මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව මතුව ඇති සංවාදවලදී මෙම ගැටලු නව ව්‍යවස්ථාවක් ඔස්සේ ඉවත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන නිසා ව්‍යවස්ථාවට සංශෝධනයක් එක් කිරීම පිළිබඳව මෙසේ අවධානය යොමුව ඇති බවයි.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

එසේම මෙම ව්‍යවස්ථා සංශෝධන කඩිනම් කිරීමට ආසන්නතම හේතුව නම් රජයේ ප්‍රධාන තනතුරු කිහිපයකට පුද්ගලයන් පත්කර ගැනීමේදී ව්‍යවස්ථාදායක සභාව මගින් බාධාවන් එල්ල වීම බව වාර්තා වේ.

එසේම හිටපු අභියාචනාධිකරණ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් පත් කිරීම, විගණකාධිපති ධූරයට කළ යෝජනාවක් ද ප්‍රතික්ෂේප වී ඇත.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

එනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඔස්සේ එම සභාවේ සංයුතිය වෙනස් කිරීම සම්බ්නධයෙන් රජයේ ඇතැමුන් මත පළ කර ඇති බව ද ආරංචි මාර්ග පවසයි.

මේ අතර රජයට පාර්ලිමේන්තුවේ පවතින අතිමහත් බහුතර බලය භාවිත කර එම සංශෝධන කඩිනමින් කරවා ගත හැකි බව පෙන්වා දී ඇති ඔවුන් මේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ නීති විශාරදයන්ගෙන් ද අදහස් විමසා ඇති බව සඳහන්.

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

ReeCha