කාන්තාවන් දෙදෙනෙක් එකතු වෙලා තවත් කතක් උස්සයි - තුන් කට්ටුව ගැහුව ප්ලෑන් වෙන වෙනම පොලිසියේ දී හෙළි වෙලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 25, 2023 05:44 PM GMT
krishani

krishani

Report

පසුගිය දිනක රාත්‍රියේ දී මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ප්‍රීතිකා චාන්දනී නමැති කාන්තාවක් පැහැරගෙන ගොස් තිබුණේ ය.

ඒ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු විසින් ය.

සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පැහැරගැනීමට ලක් වූ කාන්තාව කියා ඇත්තේ තමන් විසින් මුදල් ලබා ගත් කාන්තාවන් දෙදෙනෙකු තමාව පැහැරගෙන ගොස් ඇති බවයි.

එහිදී පැහැරගත් අය විසින් තමාව නිදහස් කිරිමට නම් පැහැරගත් අයගෙන් ගත් එම මුදල ලබා දෙන මෙන් ඉල්ලා සිටින බැවින් එම මුදල ද රැගෙන එන ලෙස කියා තිබෙනවා.

සැමියා විසින් පසුව ඒ ගැන මාරවිල පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

ඒ අනුව මාරවිල පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අදාළ කාන්තාව සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ ය.

එහිදී පැහැරගත් කාන්තාව  කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිවිය දී හමු වී ඇත.

පැහැරගත් කාන්තාව මෙන්ම පැහැර ගැනීම කළ කාන්තාවන් දෙදෙනා ද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාරිනියන් දෙදෙනා කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සහ 42 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් වේ.

එම සැකකාරිනියන් දෙදෙනාගෙන් පැහැරගැනීමට ලක් වූ කාන්තාව රුපියල් ලක්ෂ 12ක මුදලක් ලබාගෙන තිබෙනවා.

ඒ විදෙස් රැකියා ලබාදෙන බවට පවසමින් ය.

එහිදී අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා පොලිසියට පවසා ඇත්තේ එම මුදල යළි ලබා ගැනීමේ අරමුණින් මෙම කාන්තාව පැහැරගත් බවයි.

කෙසේ වෙතත්, පැහැර ගැනීමට ලක් වූ කාන්තාව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ ඇය අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇත.

ReeCha