දිවයිනටම සාම විනිසුරු හැන්ගි හොරා කසිප්පු පෙරලා - තෝරාගත් කීප දෙනෙක්ට විතරක් දීලා හොරෙන්ම කරපු වැඩේ..
නීති විරෝධීව මත්පැන් පෙරමින් සිටිය දී මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු වන අයෙකු සහ ඔහුගේ සහයකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැල්ලම්පිටිය, කොහිලවත්ත දෙමහල් නිවසක නීති විරෝධීව මත්පැන් පෙරමින් සිටිය දී ය.
ඒ බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය.
මේ දිනවල වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ දිවයින පුරා යුක්තියේ මෙහෙයුම සිදුකරනු ලබයි.
එහිදී බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට කොහිලවත්ත ප්රදේශවාසීන්ගෙන් ලද රහසිගත තොරතුරකට අනුව මෙම නිවස වටලා තිබෙනවා.
ඒ අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
එහිදී සැකකරුවන් විසින් පෙරන ලද නීති විරෝධී මත්පැන් ස්පීත්තු මිලි ලීටර් 22500ක්, බැරල් 04ක බහා තිබූ ගෝඩා මිලි ලිටර් 756,000ක්, අඩි 26 ක් දිග රබර් නලයක් සවි කරන ලද තඹ දඟරයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
කාලයක් පටන් 74 වැනි වියේ පසුවන සාම විනිසුරුවරයා, වයස අවුරුදු 52ක් වන තවත් පුද්ගලයෙකු සමඟ එක්ව දෙමහල් නිවසට යාබද කාමරයක ඉතා රහසිගතව මෙම නීති විරෝධී මත්පැන් පෙරා තිබෙනවා.
එහිදී මොහු විසින් මත්පැන් තෝරාගත් කීප දෙනෙකුට පමණක් ලබා දී ප්රදේශ රැසකට බෙදා ඇති බව පොලිසිය සඳහන් කළේ ය.