අධික වේගයෙන් හෝ බීමතින් රිය පැදෙව්වොත් වෙන්නෙ මේකයි - වැඩබලන පොලිස්පති විශේෂ තීරණයක් ගනී..

Report

උත්සව සමයේ දී රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ බීමතින් රිය පදවන සහ අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරන රියැදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටයි.

අධික වේගයෙන් හෝ බීමතින් රිය පැදෙව්වොත් වෙන්නෙ මේකයි - වැඩබලන පොලිස්පති විශේෂ තීරණයක් ගනී.. | Driving In Sri Lanka

ඒ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

රාත්‍රියේ රිය ධාවනය කරන රියදුරන්ට නොමිලේ තේ..

රාත්‍රියේ රිය ධාවනය කරන රියදුරන්ට නොමිලේ තේ..


ඒ අනුව බීමතින් රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පැය 24ම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මාර්ගවල මෙන්ම ප්‍රධාන අතුරු මාර්ගවලද පොලිසිය යෙදවීමට උපදෙස් ලැබී ඇති බව ඔහු පැවසීය.

අධික වේගයෙන් හෝ බීමතින් රිය පැදෙව්වොත් වෙන්නෙ මේකයි - වැඩබලන පොලිස්පති විශේෂ තීරණයක් ගනී.. | Driving In Sri Lanka

කෙසේ වෙතත්, වැඩිදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, වර්ෂය අවසන් වන කාලසීමාවේ දී විශාල වශයෙන් රිය අනතුරු සිදුවන බවත්, එම රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව විශාල සංඛ්‍යාවක් මරණයට පත්වන බවත් ය.