මෙහෙමත් හොරු.. ලක්ෂ ගණන් වංචා කරලා ගමක් රවට්ටපු හොරු දෙන්නව ගමම එකතු වෙලා ගස් බදියි... සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By Sithumi Nov 11, 2023 06:22 PM GMT
Sithumi

Sithumi

Report

ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකරන සමාගමක දෙදෙනෙකු බව පවසමින් හාඩ් වෙයාර් වලට පැමිණ water proofing ආලේපන වර්ගයක ලේබලයක් ලබා දී එයම අවශ්‍ය බව පවසා පසුව හාඩ්වෙයාර් හිමිකරු ලවා කෙසේ හෝ එම ලේබලය ඇති අංකයට කතා කර එම ආලේපන වර්ගය එහි ඇති බව හිමිකරුට එම අංකයෙන් දැනුම් දී තිබෙනවා.

අනතුරුව ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමේ යැයි පෙනී සිටින පුද්ගලයින් ඒවා මිල දී ගන්නා බව පවසමින් අත්තිකාරම් මුදලක් ලබා දී ඉතාමත් ඉක්මනින් මෙම ආලේපන වර්ගය අවශ්‍ය බව පවසමින් බිල් පතක් රැගෙන පිටව ගොස් තිබෙනවා.

වෙළෙඳ සැලේ හිමිකරු විසින් ඇනවුම් කල ඇලේපන ඒ අනුව දිනයක් යන්නට මත්තෙන් ලොරි රථයක් මගින් හාඩ්යවයාර් හිමිකරු වෙත ගෙනවිත් දී ඇති අතර අදාළ මුදල රැගෙන ලොරි රථය පිටව ගොස් ඇත.

පසුව ආලේපන වර්ගය රැගෙන යාමට කිසිවකුත් නොපැමිණිම හේතුවෙන් හාඩ්වෙයාර් හිමිකරු මෙම ආලේපන වර්ගය කඩා බැලූ විට එහි ඇත්තේ අළුහුණු වැනි යමක් බව වටහා ගැනීමෙන් පසු වංචාවකට හසු වූ බව වැට හී තිබෙනවා.

මෙම වංචාවට හසු වූ මිල්ලනිය ප්‍රදේශයේ හාඩ්වෙයාර් හිමිකරුවන් පිරිසක් එක්ව අවට හාඩ්වෙයාර් දැනුවත් කර මෙම කූට සොරකමේ නිරතව සිටියදී පසුගියදා හොරණ ප්‍රදේශයේ එක් වෙළඳසැලකට ආලේපන ගෙනැවිත්දීමට ආ පුද්ගලයින් දෙදෙනෙකු ගම්වාසින් හා එක්ව අල්ලා ගස් බැද පොලීසියට භාරදී තිබෙනවා.

මම වංචාකරුවන් එක ආලේපන බාල්දියක් රුපියල් 46000 ට වැඩි මුදලකට අලෙවි කරන අතර වෙළඳසලකට අවම ආලේපන බාල්දි තුනක් හෝ හතරක් ඇනවුම් කර ඇත.

ඒ අනුව හාඩ්වෙයාර් හිමියාට එකවර සිදුවන පාඩුව එක්ලක්ෂ විසිදහසකට අධිකයි.

ReeCha