තරුණියන්ගේ අඩ නිරුවතත් ගෙන්වා ගෙන බලෙන්ම දූෂණය කළ අමානුෂික පුවතක් - තරගය දින්නොත් නොමිලේ අයිෆෝනයක්..

Report

තරුණියන්ව දූෂණය කළ තරුණයෙකු සහ ඊට අනුබල දුන් තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණියන්ගේ අඩ නිරුවතත් ගෙන්වා ගෙන බලෙන්ම දූෂණය කළ අමානුෂික පුවතක් - තරගය දින්නොත් නොමිලේ අයිෆෝනයක්.. | Police Arrested Two People

ඒ නිරූපණ තරගයක් පවත්වා ජයග්‍රහණය කරන තරුණියන්ට නොමිලේ අයිෆෝනයක් ලබා දෙන බව පවසමින් ඔවුන්ව මුළාකර නිරුවත් ඡායාරූප ලබා ගෙන‍යි.

මෙලෙස අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පොළොන්නරුවේදීත් අනෙක් සැකකරු දඹුල්ල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් වයස අවුරුදු 21ක සහ 23ක වයස්වල පසුවන්නන් වේ.

ඔවුන් තරුණියකගේ නමින් මුහුණු පොතේ ව්‍යාජ ගිණුමක් අරඹා තරුණියන් සමඟ සබඳතා ගොඩ නගා ගනිමින් ඔවුන්ගේ අඩ නිරුවත් ඡායාරූප වරින්වර ගෙන්වාගෙන ඇති බව‍ මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

තරුණියන්ගේ අඩ නිරුවතත් ගෙන්වා ගෙන බලෙන්ම දූෂණය කළ අමානුෂික පුවතක් - තරගය දින්නොත් නොමිලේ අයිෆෝනයක්.. | Police Arrested Two People

එලෙස ලබාගත් අඩ නිරුවත් ඡායාරූප ඔවුන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර ඇත.

පසුව මෙම සැකකරු විසින් මුදල් ලබා ගෙන ඇති අතර මුදල් ලබා නොදෙන තරුණියන් කුරුණෑගලට ගෙන්වා දූෂණය කර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම, ප්‍රධාන සැකකරු සමඟ පාසල් වියේ සිසුවියන් ද පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Sponsored By Sarrita Jewellery


රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන