තියුණු ආයුධවලින් පහර දී දෙදෙනෙකු ඝාතනයට තැත් කළ තුන් කට්ටුවකට සිදු වුන දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 09, 2022 11:46 PM GMT
krishani

krishani

Report

මාළිගාවත්ත - ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මෙම අපරාධය සඳහා පැමිණ ඇති අතර ඔවුන් ත්‍රිරෝද රථයකින් පලායන අවස්ථාවේදී අපරාධය සඳහා යොදාගත් කඩුවක්, මන්නා පිහි හතරක්, යකඩ පොල්ලක් සහ කිතුල් පොල්ලක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අවුරුදු 22, 32 සහ 33 යන වයස්වල පසුවන සැකකරුවන් මට්ටක්කුලිය, වැල්ලම්පිටිය සහ ඔරුගොඩවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join