සාමනේර හිමි අපයෝජනය කළ ලොකු හාමුදුරුවෝ අත්අඩංගුවට - තවත් ලිංගික අපයෝජන නඩු දෙකක්..
By krishani
සාමණේර හිමිනමකට ලිංගික අපයෝජන සිදුකළ බවට විහාරාධිපති හිමිනමක් සැකපිට සූරියවැව පොලීසිය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සූරියවැව - රන්මුදු වැව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනමයි.
මෙම විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට සැකකාර හිමිනම විසින් බරපතළ ලිංගික අපයෝජන සිදුකර ඇති බවට චෝදනා එල්ල විය.
ලිංගික අපයෝජනට ලක් වූ සාමණේර හිමිනම මේ වනවිට ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකාර හිමිනමකට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් පවති.
කෙසේවෙතත්, මෙම හිමිනමට එරෙහිව හම්බන්තොට මහා අධිකරණය හමුවේ බල වයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාළ නඩු දෙකක් ද විභාග වෙමින් පවතියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |