මිල දී ගත් මත් කුඩුවල සල්ලී නොදිම හේතුවෙන් උරණ වූ කාන්තාවක් කුඩා දරුවෙකු පැහැර ගනී..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 06, 2023 02:48 AM GMT
krishani

krishani

Report

මිල දී ගත් මත් කුඩුවලට මුදල් ලබා නොදීම හේතුවෙන් දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මීගමුවේ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු මත්කුඩු ජාවාරමේ නිරත ව සිටි ඇත.ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කාන්තාවකගෙන් මත් කුඩු ලබාගෙන ඇති අතර එයට ලැබිය යුතු මුදල් ප්‍රමාද වීම හේතුවෙන් අදාළ කාන්තාව අදාළ ව්‍යාපාරිකයාගේ මුණුබුරෙකු වූ දස හැවිරිදි පිරිමි දරුවෙකු පැහැරගෙන ගොස් ඇත.

එම දරුවා ග්‍රෑන්ඩ්පාස් රන්දිය උයන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රඳවා ඇති අතර සැකකාර කාන්තාව, ව්‍යාපාරිකයා අමතා පුත්‍රයා ලබා ගත් මත්කුඩුවලට මුදල් ඉල්ලා ඇත.

ඒ අනුව ලද බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය නිවාස සංකීර්ණය වටලා දරුවා ඊයේ සිය බාරයට ගෙන ඇති අතර දරුවා පැහැර ගත් බව කියන මත් කුඩු ජාවාරමේ නිරත කාන්තාව ද ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha