කෙහෙළියට විතරක් නෙවෙයි බිරිඳටයි දුවලටයි බෑනාටත් අධි චෝදනා
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑනාට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ අද(17) දින අධි චෝදනා භාර දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අල්ලස් කොමිසමෙන් මෙසේ ගොනු කර ඇති අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ භාරදීම සිදුකර තිබෙනවා.
ඉන්පසු විත්තිකරුවන් රුපියල් පනස්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ බව ද සඳහන්.
එසේම ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියම කළ බව සඳහන්.
ඒ අනුව ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටද නියම කර තිබෙනවා.