දින හතක බිලිඳියක් පොළොවේ ගසා ඝාතනය කළ මවක් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 18, 2023 02:46 AM GMT
krishani

krishani

Report

පයාගල හල්කඳවිල කැන්දගහවිල ප්‍රදේශයේ දින හතක් වයසැති බිලිඳියක් පොළොවේ ගසා ඝාතනය කළ බව කියන 28 හැවිරිදි මවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක් වූ බිලිඳිය ඇය දාව උපන් නිවුන් දැරියන් දෙදෙනාගෙන් බාල දැරිය බව පොලීසිය පවසයි.

ඉකුත් 15 වනදා එම බිලිඳිය ඇඳෙන් වැටී අනතුරට ලක් වූ බව පවසා කළුතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේවෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එය ඝාතනයක් බවට අනාවරණය වී ඇත්තේ.

අදාළ එම සැකකාරිය අවස්ථා තුනක දී දැරියව පොළොවේ ගසා ඇති බව පොලීසිය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join