පාසල් දැරියන් දෙදෙනෙකුට අතවර කළ යුධ හමුදා සෙබළෙකුට වැඩ වරදී..
පාසල් දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් යුධ හමුදා සෙබලෙකු (14) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වතුයායේ පදිංචි සැකකාර සෙබලා නිවාඩු ලබා නිවසට පැමිණ සිටිය දී එම වතුයායේ ම පදිංචි අවු 8 සහ අවු 10 යන වයස්වල පසුවන පාසල් දැරියන් දෙදෙනෙකු එම වතුයායේ තේ වත්ත දෙසට රැගෙන ගොස් ඇත.
එහි දී එක් දැරියක් සැකකරුගෙන් මිදී දිව එන අවස්ථාවේ එය දුටු ප්‍රදේශවාසින් සැකකාර සෙබලා අල්ලා නොර්වුඩ් පොලිසිය වෙත භාර දි ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පාසල් දැරියන් දෙදෙනාගේ පියා විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිලි කර ඇත.
දැරියන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ යුධ හමුදා කදවුරේ රාජකාරි කරන අයෙක් වේ.
ඔහුව අද (15) හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.