රුපියල් ලක්ෂ 53කට අධික මුදලක් සම්බන්ධයෙන් කළ වංචාව.
Sri Lanka Police
Sri Lanka
By krishani
ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් ලක්ෂ 53කට අධික මුදලක් වංචා කළ එම ආයතනයේම ගණකාධිකාරීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ (24) මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු වේ.ඔහු චෙක්පත් උපයෝගී කරගනිමින් මෙම වංචාව සිදුකර ඇති බවට අනාවරණ වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |