රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..
මහනුවර නාගරික සීමාවේ සියලු මත්පැන් අලෙවිසැල් වසා තිබෙනවා.
ඒ ඓතිහාසික ඇසළ පෙරහැර නිමිත්තෙන් ය.
එවන් පසුබිමක පෙරහැර මාර්ගය ආසන්නයේ දී වැඩි මිලට 'බියර් කෑන්' අලෙවි කළ වෙළෙඳ සැලක හිමිකරුවෙකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම සිදුකර ඇත්තේ පෙරහැර වීදි සංචාරය කරන විටත් අදාළ ස්ථානයේ මත්පැන් විකුණන බවට ලද තොරතුරක් මත ය.
එහිදී 'බියර් කෑන්' 12ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය.
රුපියල් 550කට මිල නියම කර තිබූ 'බියර් කෑන්' එකක් මෙම ස්ථානයේ දී රුපියල් 1,000කට අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.
සැකකරු මහනුවර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් 30,000ක දඩයක් නියම කර ඇත.