පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..
ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මීට පෙර ජාතික අවම වේතනය පැවතුණේ රුපියල් දොළොස් දහස් පන්සීයක් වශයෙන් වේ.
එමෙන්ම, අවම දෛනික වේතනය 500ක් වශයෙන් ය.
කෙසේ වෙතත්, වාර්තා වන්නේ මීට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේ දී සම්මත කිරීමට නියමිත බවයි.