බිරිඳට හොරෙන් නෑනට මස්සිනා කරපු අපරාදය..

Report

සිය බිරිදගේ, වයස අවුරුදු පහලොවක නැගණිය ගැබිණියක් කළ පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයෙන් වාර්තා වේ.

බිරිඳට හොරෙන් නෑනට මස්සිනා කරපු අපරාදය.. | Police Arrested One Person At

අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය පාසල් ගොස් ආපසු පැමිණෙන අවස්ථාවල දී සැකකරු ඇයව පාලු ස්ථානවලට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සැක සිතී සැකකරුගේ බිරිඳ ඔහුගෙන් ඒ පිළිබදව විමසූ අවස්ථාවල දී දෙදෙනා අතර රණ්ඩු සරුවල් ඇති වී තිබෙනවා.

මීට මාස කීපයකට පෙර පහලොස් හැවිරිදි දැරිය සහ සැකකරු නිවසින් අතුරුදන් වී ඇත.

පසුව මේ සම්බන්ධයෙන් බිරිද විසින් පුදුකුඩීඉරිප්පු පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඉන් අනතුරුව පොලීසිය සිදු කළ විමර්ශනවල දී දෙදෙනා අඹු සැමියන් වශයෙන් නිවසක ජීවත් වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී දැරිය පරීක්ෂා කළ මුලතිව් රෝහලේ වෛද්‍යවරු ඇය ගැබිණියක් බව සනාථ කොට ඇත.

කෙසේ වෙතත්, සැකකරුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුදුකුඩීඉරිප්පු පොලීසිය පියවර ගෙන තිබෙනවා.