පෙර පාසල් ගුරුවරියක් බිය ගන්වා ග්‍රාම නිලධාරිවරයෙක් කළ හරියක් - අවස්ථා කිහිපයකම කෝල් අරන් ඇයට තර්ජනය කර කීව කතාව..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Nov 11, 2023 02:07 PM GMT
krishani

krishani

Report

පෙර පාසලක ගුරුවරියක් බිය ගන්වා රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලක් ඉල්ලු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් පුවතක් හෝමාගම පිටිපන ප්‍රදේශයේන් වාර්තා වේ.

ඒ අදාළ ගුරුවරියට දුරකථන ඇමතුම් ලබා දෙමින් ය.

එහිදී කප්පම් මුදල් ඉල්ලු පුද්ගලයා පවසා ඇත්තේ තමන් අපරාධ කල්ලියක සාමාජිකයෙක් බවත් රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලක් ලබාගන්නා ලෙසට තම කල්ලියේ ප්‍රධානියා තමන්ට දැනුම් දුන් බවත් ය.

එමෙන්ම ඔහු එහිදී තර්ජනය කර ඇත්තේ එම මුදල ලබා නොදෙන්නේ නම් පෙර පාසල් ළමුන් ඝාතනය කරන ලෙස තම නායකයා දැනුම් දුන් බවයි.

මෙලෙස අවස්ථා කිහිපයකදී අදාළ ගුරුවරියට දුරකථන ඇමතුම් ලබාදෙමින් කප්පම් මුදල් ඉල්ලා ඇති බව සඳහන් වේ.

මේ අතර මුදල් ලබාදෙන බව පවසමින් පෙර පාසල් ගුරුවරියගේ නිවස සමීයට උපාය මාර්ගිකව කප්පම්කරුව ගෙන්වාගෙන ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා බවයි.

ReeCha