ATM යන්ත්‍රවලින් කෝටියකට ආසන්න මුදල් ප්‍රමාණයක සොරකමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 09, 2023 09:26 AM GMT
krishani

krishani

Report

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් කැනේඩියානු සහ බල්ගේරියානු ජාතිකයින් වන අතර සැකකරුවන් කොළඹ සහ කටුනායක ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ගාල්ල, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල පිහිටි බැංකුවල ATM යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිස ඔවුන් සොරකම් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට ආසන්න වන අතර ATM යන්ත්‍රවල ඇති පරිගණක මෘදුකාංග පද්ධතිය වෙනස් කරමින් මොවුන් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha