අන්තරේ කැඳවුම්කරු ඇතුළු 57 දෙනා අධිකරණයට..

Sri Lanka Police Sri Lanka
By krishani Feb 24, 2023 02:46 AM GMT
krishani

krishani

Report

අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී කලහකාරිව හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනා අද (24) කඩුවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෝමාගම - පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන මෙන් ඉල්ලා ඔවුන් ඊයේ පස්වරුවේ එම අමාත්‍යාංශය වෙත පැමිණ විරෝධතාවයක නිරත විය.

පසුව ඔවුන් අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අතර අත්අඩංගුවට පත්වූවන් අතර භික්ෂූණ් වහන්සේ 48 නමක් ද සිටියි.

අත්අඩංගුවට ගත් 57 දෙනා මිරිහාන, තලංගම, කඩුවෙල, මුල්ලේරියාව, නවගමුව යන පොලිස් ස්ථානවල රඳවා සිටින බව පොලිසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join