99න් වැළැක්වූ භයානක අපරාධය..තියුණු ආයුධ සන්නද්ධ කල්ලියේ මෙහෙයුම්කරු "පරිප්පුවා" පැනයයි..

Sri Lanka Kalanithissa Weragoda Parippuwa police operation
By Sewvandhi Feb 07, 2022 07:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තියුණු ආයුධ සමඟ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් 4දෙනෙකු කැලණිතිස්ස, වේරගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුව ගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලම්පිටියේ අමල් නොහොත් "පරිප්පුවා" නැමැත්තාගේ ගෝලයන් සිව්දෙනෙකු බව පොලීසිය පවසයි.

අදාළ සැකකරුවන් සිව්දෙනා අතර "ඉන්නම්බි" නමැති අපරාධකරු ද සිටින බව පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් සන්තකයේ තිබී කඩු හතරක්, උල්පිහි දෙකක් පොලි​ස් භාරයට ගෙන තිබේ.

"පරිප්පුවා" නැමැති සංවිධානාත්මක අපරාධකරු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු සමඟ කිසියම් අපරාධයකට යමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් අනුව වේරගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එම වැටලීම සිදුකරන අවස්ථාවේදී එම කණ්ඩායම මෙහෙයවූ බව කියන "පරිප්පුවා" නැමැති සංවිධානාත්මක අපරාධකරු පළාගොස් ඇති බව වාර්තා වෙයි මිනීමැරුම්, මුදල් බලෙන් ලබාගැනීම් සහ කොල්ලකෑම් රැසකට චෝදනා ලැබූවෙක් වෙන "පරිප්පුවා" නැමැති සංවිධානාත්මක අපරාධකරු ට එරෙහිව නඩු ගණනාවක් අධිකරණ කීපයක විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ද විවිධ චෝදනා ලැබූ වන් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now