මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනි තැබීමේ සිද්ධීන්වලට තවත් 5කට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 14, 2022 04:56 AM GMT
krishani

krishani

Report

පසුගිය මැයි මස 9 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දී අලාභ හානි සිදු කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රී ඩී.බී. හේරත්ගේ වාරියපොළ පිහිටි කාර්යාලයට සහ නිවසට පහර දී ගිනි තබා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් හතරදෙනෙකු කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගත් අතර මොවුන් අවුරුදු 19ත් 36ත් අතර වයස්වල පසුවන්නන් වේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී යු.කේ. සුමිත් උඩුකුඹුරගේ පක්ෂ කාර්යාලයට හා නිවසට පහර දී ගිනි තැබීම සම්බන්ධයෙන් 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.