පොලිස් වෙස්ගෙන කල්ලියක් එකතු වී කළ සූක්ෂම කොල්ලකෑමක් මාට්ටු වෙයි.
පොලිස් නිලධාරින් ලෙස වෙස් ගෙන නිවාස වලට ඇතුළු වී රන් භාණ්ඩ හා මුදල් කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් කෝටියකට අධික දේපළ ප්‍රමාණයක් මෙලෙස කොල්ල කා ඇති අතර එම කල්ලියේ දස දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැණින.
ඔවුන් විසින් යතුරුපැදි 4ක්, පොලිස් ලාංඡන යොදා සකසාගත් ඇදුම් කට්ටල 5ක්, කොල්ල කෑ මුදල් වලින් ලබා ගත් ත්‍රී රෝද රථ 2ක්, ආරක්ෂක හිස්වැසුම් හා තියුණු ආයුධ කිහිපයක් මෙන්ම ගිනි අවියක් ද කොල්ලකෑම් වලට යොදාගෙන ඇති අතර ඒවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
හිටපු හමුදා සෙබළකු විසින් මෙම සංවිධානත්මක කල්ලිය මෙහෙයවා ඇති බව විමර්ශනවල දී හෙළී වී ඇත.
ඔහු සතුව මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර සිදුකළ ප්‍රශ්න කිරිමේ දී කොල්ලකෑම්වලට සම්බන්ධ සෘජුවම සම්බන්ධ පුද්ගලයන්, ඔත්තු බැලු පුද්ගලයන් හා රන් භාණ්ඩ මිල දී ගත් පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
