සැත්කමකට මැදිවුණු අමුතු අමුත්තා - රත්නපුරේ මීයෙක්

Report

රත්නපුර ශික්ෂණ රෝහලේ අක්ෂි ශල්‍යාගාරයේ වායු සමීකරණ යන්ත්‍රයක මීයකුගේ මළකුණක් හමුවීම හේතුවෙන්, එම ශල්‍යාගාරයේ සියලුම කටයුතු පසුගිය 24 වැනිදා තාවකාලිකව නතර කර ඇත. 

මෙම සිදුවීම හේතුවෙන් එදින ඇසට කාච දැමීම, ඇසේ සුද ඉවත් කිරීම ඇතුළු ශල්‍යකර්ම සඳහා පෞද්ගලික ඔසුසල්වලින් අවශ්‍ය උපකරණ මිලදී ගෙන පැමිණි රෝගීන් නැවත තම නිවෙස් බලා යාමට සිදුව තිබේ.

අක්ෂි ශල්‍යාගාරයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය රෝගීන්ට දැනුම් දී ඇත්තේ, වායු සමීකරණ යන්ත්‍රය තුළ මීයකු මැරී සිටීම හේතුවෙන් එහි වායු ප්‍රවාහය සමඟ විෂබීජ ශල්‍යාගාරය පුරා පැතිර ගොස් ඇති බවයි.

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

මෙම විෂබීජ රෝගීන්ගේ ඇස් හා මොළයට බලපෑම් ඇති කළ හැකි බැවින්, ශල්‍යකර්ම සඳහා හෙට (31 වැනිදා) යළි රෝහලට පැමිණෙන ලෙස ඔවුන්ට දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් විමසීමේදී, ශල්‍යාගාරයේ ප්‍රකාශකයකු පවසා සිටියේ, මෙම සිදුවීම සත්‍යයක් බවත්, මීට පෙරද මෙවැනි සිදුවීම් කිහිපයක් සිදුව ඇති බවත්ය. රෝගීන් හා කාර්ය මණ්ඩලය විසින් ඉවත දමන ආහාර ද්‍රව්‍ය, සායනික අපද්‍රව්‍ය ඇතුළු කසළ දෛනිකව විශාල වශයෙන් එකතු වන බැවින්, ඒ ආශ්‍රිතව මීයන්ගේ ගහනය වැඩිවීම රෝහලේ ප්‍රතිකාර හා සේවා කටයුතුවලට බරපතල බාධාවක් බවද ඔහු පැවසීය.

දරුවන්ට කිරි නෙවෙයි.. විෂ? - කෝටි 18ක බහලුම් සීල්

දරුවන්ට කිරි නෙවෙයි.. විෂ? - කෝටි 18ක බහලුම් සීල්

රෝහල් බලධාරීන් මේ වන විට ශල්‍යාගාරයේ සනීපාරක්ෂක තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කර ඉදිරි දිනවලදී සැත්කම් යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මගේ ජීවිතේ වෙන්න ඕන ඔක්කොම මට වුණා බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම් චන්දිමාල් සංවේදී වෙයි

මගේ ජීවිතේ වෙන්න ඕන ඔක්කොම මට වුණා බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම් චන්දිමාල් සංවේදී වෙයි