ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ඒවි..දැඩි අවධානයෙන් ඉන්න..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Social Media
By Aruna Oct 21, 2024 03:14 AM GMT
Aruna

Aruna

Report

ව්‍යාජ දුරකථන ඇමතුම් මගින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්ව ඇති බවට දුරකථන ඇමතුම් ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඉන් පසු ඔවුන් පැමිණි වාහනය අලුත්වැඩියා කර ගැනීම සඳහා රුපියල් 10,000ක් වැනි හදිසි මුදලක් ඊෂිකෑෂ් ක්‍රමයට එවන ලෙස අදාළ පාර්ශවයන් වෙතට දැනුම් දී ඇති බවයි හෙළිව තිබෙන්නේ.

මේ සතියෙ ඉතාමත් කල්පනාකාරීව වැඩකළ යුතු සතියක්..මේෂ,මිථුන,කටක,කන්‍යා,කුම්භ සහ මීන ලග්න වලට අයට රතු එළියක්.

මේ සතියෙ ඉතාමත් කල්පනාකාරීව වැඩකළ යුතු සතියක්..මේෂ,මිථුන,කටක,කන්‍යා,කුම්භ සහ මීන ලග්න වලට අයට රතු එළියක්.


මේ පිළිබඳව විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බවද එහිදී ඇතැම් ස්ථාන මගින් මුදල් ලබා දීම් සිදුකර ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

පොලීසිය සඳහන් කර ඇත්තේ, ඇතැම් විට මෙහිදී දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් ගරාජයක හිමිකරුවෙකු නැතහොත් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් විශේෂිත පුද්ගලයෙකු ලෙස හඟවමින් සැලසුම් සහගත ලෙස උපක්‍රමශීලීව කථා කරමින් මෙම මුදල් වංචා කිරීම් සිදුකරන බවයි.

මෙම දුරකථන අංක පරීක්ෂා කිරීමේදි බොහෝ අවස්ථාවල එම අංක මියගිය පුද්ගලයින්ගේ හෝ විදේශිකයින් ආශ්‍රිතව ලබාගත් සිම්කාඩ් පත් බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ.

පොලීසිය පවසන්නේ, මෙම පුද්ගලයින් බොහෝවිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෝ යම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවත් මෙය සංවිධානාත්මකව කරනු ලබන ක්‍රියාවක් බව නිරීක්ෂණය වී ඇති බවයි.

අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්.. යළි මේ ප්‍රදේශ වලට වැස්ස වැඩි වෙයි.

අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්.. යළි මේ ප්‍රදේශ වලට වැස්ස වැඩි වෙයි.


එබැවින් තමාට එවැනි දුරකථන ඇමතුමක් ලැබුණහොත් කෙසේ හෝ එම ආපදාවට ලක්වූ බවට සඳහන් පුද්ගලයින් දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙසත් මෙම වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.