කොවිඩ් එන්නතක් ගත් පිරිසකට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්.

Police Pavithra Wanniarachchi Ajithi Rohana Astrosenika Covid vaccines
By Aruna Aug 06, 2021 03:32 AM GMT
Aruna

Aruna

Report

අස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබානොගත් පුද්ගලයන්ට අද (06) දිනයේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගත හැකිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ බව දැනුම්දෙයි.

ඒ සඳහා සිය පළමු එන්නත ලබාගත් කාඩ්පත රැගෙන එන ලෙස ඉල්ලීමක් ද කරයි.

මේ අතර රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවසේදීම ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් එළැඹෙන සඳුදා (09) සිට ආරම්භ කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now