දිවයින පුරා පවතින තත්ත්වය අවදානම් - මේ වාන් දොරටුත් විවර කරයි

Report

දිවයින පුරා දැනට පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම පාලනය කිරීම සඳහා පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය විසින් අද (02) දින මෙම තීරණය ගෙන ඇත. මෙලෙස වාන් දොරටු විවෘත කිරීමත් සමඟ තත්පරයට ඝන අඩි 3,940ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පවසයි.

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

මේ හේතුවෙන් මහවැලි ගඟ පහළ ධාරාවේ සහ වික්ටෝරියා ජලාශය ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට මේ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් බලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක් - දැවැන්ත ප්‍රහාරයක් තාවකාලිකව අත්හිටුවීමට අණ

ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක් - දැවැන්ත ප්‍රහාරයක් තාවකාලිකව අත්හිටුවීමට අණ