ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක් - දැවැන්ත ප්‍රහාරයක් තාවකාලිකව අත්හිටුවීමට අණ

Report

ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව දෙවන ලෝක යුද්ධයෙන් පසුව එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රබලතම සහ විනාශකාරී හමුදා ප්‍රහාරය සඳහා අමෙරිකා එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටි බවත්, එහෙත් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව එය අත්හිටවූ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඉරානය සහ මැදපෙරදිග සෙසු රටවල් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණීමේ පදනම මත මෙම ප්‍රහාරය අත්හිටවූ බව ජනාධිපතිවරයා පවසයි.

කලා කෙත අස්වැද්දූ තවත් අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු ජීවිතක්ෂයට

කලා කෙත අස්වැද්දූ තවත් අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු ජීවිතක්ෂයට

මෙම රාජ්‍යතාන්ත්‍රික එකඟතාවන්ට හෝමුස් සමුද්‍ර සන්ධිය නාවික ගමනාගමනය සඳහා වහාම විවෘත කිරීම මෙන්ම ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් කිරීම ද ඇතුළත් වේ.

ලෝකයේ යහපත උදෙසා මෙන්ම සාර්ථක හා ප්‍රතිපත්තිගරුක ඉරානයක් අනාගතයේදී පවත්වාගෙන යාම වෙනුවෙන් ඉක්මන් එකඟතාවයකට පැමිණීමේ පදනම මත ප්‍රහාරය අවලංගු කිරීමට තමන් එකඟ වූ බවත්, ඊශ්‍රායලය ද එම තීරණයට සහාය පළ කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි