යකා පාලම හදන්න ගෙනා යන්ත්‍ර සූත ජලයට හසු වේ

Report

පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පේරාදෙණිය කළුපාලම (යකා පාලම) ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදාගෙන තිබූ යන්ත්‍ර සූත්‍ර රැසක් ජලයෙන් යටවෙමින් පවතී.

'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශ වූ දුම්රිය මාර්ගය සකස් කිරීමේදී වඩාත්ම අසීරු කටයුත්ත වී ඇත්තේ මහවැලි ගඟ තුළ ඉදිකර තිබූ මෙම පාලමේ ඇලවී ගිය කුළුණ යළි යථාවත් කිරීමයි.

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

මාස හතක් තිස්සේ රජය විසින් එම කුළුණ පිළිසකර කිරීමට උත්සාහ දරමින් සිටි අතර, ඒ සඳහා මහවැලි ගඟ පරිශ්‍රයට විශාල යන්ත්‍ර සූත්‍ර ද ගෙනවිත් තිබුණි.

කෙසේ වෙතත්, දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ යළිත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා එම යන්ත්‍ර සූත්‍ර ජලයෙන් යටවී ඇති අතර, ඉන් සමහරක් සැඩ පහරට හසුව පහළට ඇදී ගොස් තිබේ.

ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක් - දැවැන්ත ප්‍රහාරයක් තාවකාලිකව අත්හිටුවීමට අණ

ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක් - දැවැන්ත ප්‍රහාරයක් තාවකාලිකව අත්හිටුවීමට අණ