ඩෙංගු මාරයාට අතවැනීමක්- සමන් දේවාල භූමිය වටා ගොඩගැසුණු ප්ලාස්ටික් සහ පොලිතීන් කඳු

Report

ඓතිහාසික සබරගමුව සමන් දේවාලයේ පෙරහර අවසන්වී දින හතරක් ගතවී තිබුණ ද තවමත් ඒ අවට ගොඩගැසී ඇති කැළිකසල ඉවත් කිරීමට පියවර ගෙන නොමැති බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

මෙලෙස නගර සභාවේ උදවිය වගකීම් විරහිතව ක්‍රියා කිරීම ඩෙංගු මාරයාට අතවැනීමක් බවට ඔවුුහු පෙන්වා දෙති.

මේ වනවිට එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැලෙන අතර අදාළ භූමියේ ඇති පොලිතීන් සහ ප්ලාස්ටික් බෝතල් කෝප්පාදීය තුළ වැසි ජලය පිරී ඇත රත්නපුර මහනගර සභාවේ සෞඛ්‍ය අංශවලට අනුව මෙම ප්‍රදේශය ඩෙංගු අධි අවධානම් කලාපයක් ලෙස නම් කර තිබේ.

    එවැනි පසුබිමක මෙලෙස නොදිරන ද්‍රව්‍ය ඉවත් නොකිරීම හේතුවෙන් ප්‍රබල ඩෙංගු අවධානමක් ඇතිවනු ඇතැයි ප්‍රදේශවාසීහු බිය පළ කර ඇත එමෙන්ම දේවාල භූමිය තුළ තිබෙන ප්‍රධාන කාණු පද්ධති පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍යවලින් අවහිරවී පවතින බව ද වාර්තා වේ ඊට නිසි විසඳුමක් ලබා දෙන ලෙසට ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලබයි   .

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

මුළුතැන්ගෙයි සිට ජේලර් කාර්යාලය දක්වා විනාශයි - මහර තත්වය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කට අරියි

මුළුතැන්ගෙයි සිට ජේලර් කාර්යාලය දක්වා විනාශයි - මහර තත්වය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කට අරියි